දේශීය

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

(UTV |පුල්මුඩේ) – රුපියල් 5000සේ ව්‍යාජ නෝට්ටු 13ක් සමඟින් පුද්ගලයෙකු පුල්මුඬේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ(20) පුල්මුඩේ නගරයේ රාජ්‍ය බැංකුවක් වෙත ගොස් ඇත.

පසුව මෙම පුද්එගලයා එහි ආරක්ෂක නිලධාරියා වෙත රුපියල් 5000සේ මුදල් නෝට්ටු කිහිපයක් මාරු කර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ පිළිබදව සැක සිතූ ආරක්ෂක නිලධාරියා බැංකු කළමනාකරු වෙත දැනුම් දී ඇත.

පසුව පොලීසියට දැනුම් දී  ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න රිමාන්ඩ්

Editor O

ආචාර්යය අශෝක රංවලගේ ”ආචාර්යය උපාධිය” ගුවනින් රැගෙන ඒමට සැලසුම්

Editor O

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment