Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

බැඳුම්කර වංචාවට අදාළව චෝදනා ලැබූ මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයකින් ගත් තීරණ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බව ද, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු අනාවරණය කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ලවී ඇති මහ බැංකු නිලධාරීන් පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

Related posts

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

ரஷியாவில் 71 பேரை பலிகொண்ட விமான விபத்து குறித்து விசாரணை தீவிரம்

Mohamed Dilsad

ஜூலை முதலாம் திகதியில் இருந்து விஷேட தேவை உடையவர்களுக்கான கொடுப்பனவு அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment