දේශීය

ත්‍රිපිටකය ගැන ගත් අලුත්ම තීරණය

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර්ජාලයට මුදාහැරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

ඒ අනුව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

 

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිතය.

Related posts

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

මාලක සිල්වාට ඇප

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment