Trending News

ලොව පළමු ඩිජිටල් බේකරිය

3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ.

 

ඔවුන් රසකැවිලි නිෂ්පාදනය කරන්නේ 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමිනි.

 

ශුගර් ලෑන්ඩ් නම් මෙම බේකරිය , 3D ආහාර මුද්‍රණ යන්ත්‍ර මඟින් රසකැවිලි නිපදවන පළමු බේකරිය වේ.

 

මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

 

ශුගර් ලෑන්ඩ් ආයතනය පවසන පරිදි මෙම ක්‍රමවේදය මඟින් රැයක් තුළ නිෂ්පාදන දහස් ගණනක් සිදුකිරීමේ හැකියාව පවතී.

 

3D ආහාර මුද්‍රණ යන්ත්‍රය හරහා රසකැවිලි නිපදවීමේ දී පළමුව ඩිජිටල් ගොනුවක් (digital file) නිර්මාණය කළ යුතු වේ.

 

අනතුරුව එම ඩිජිටල් ගොනුව 3D මාදිලියට පරිවර්තනය කෙරෙන බව වාර්තා වේ.

 

එම මුද්‍රණ යන්ත්‍රය වෙත යොමු කෙරෙන්නේ ඉන් අනතුරුව ය.

 

ශුගර් ලැබ් බේකරිකරුවන්ට ඕනෑම හැඩයක රසකැවිලි නිර්මාණය කිරීමේ හැකියාව පවතී.

 

මෙම රසකැවිලි ශුගර් ලැබ් වෙබ් අඩවිය හරහා ඇණවුම් කර මිලදී ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

 

ශුගර් ලැබ් බේකරිකරුවන්ගේ අදහස වන්නේ, නුදුරු අනාගතයේ දී මෙම ක්‍රමවේදය සෑම නිවාසයකම භාවිතයට ගැනෙනු ඇති බවය.

 

 

Related posts

மேல்மாகாண புதிய ஆளுநராக AJM முஸம்மில் நியமனம்

Mohamed Dilsad

அரசு வறிய மக்களின் இதயத் துடிப்பை புரிந்துகொண்டு செயற்படுகிறது – ஜனாதிபதி

Mohamed Dilsad

Discussions between SLFP and SLPP were a success – Dayasiri Jayasekara

Mohamed Dilsad

Leave a Comment