දේශීය

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

දමිතා අබේරත්න රංගන ශිල්පිනිය අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ පීතෲවරුන් කවුද කියා රටම දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා අවධාරණය කළේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයිද පැවසීය.

“මම අද ගිය දමිතා අබේරත්න රංගන ශිල්පිනිය බලන්න කොටුව පොලීසියට. ඇත්තටම එතුමිය පොදුජන අරගලයක සාමාජිකාවක්. එතුමියට එන්න කියලා තියෙනවා 9 වෙනිදාට පොලීසියට. නමුත් ඊයේ දිනයේ දී දියත උයන ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට සහභාගී වීමත් සමග ඇයව අත්අඩංගුවට ගත්තා. මම සභානායකතුමාට කියන්න කැමතියි රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. එතුමිය නීතිවිරෝධි කිසිම ක්‍රියාවක් කරලා නෑ. ප්‍රචණ්ඩත්වයට හෝ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ හානියකට එතුමිය සම්බන්ධ වෙලා නෑ. එතුමිය කරලා තියෙන්නේ මානව අයිතිවාසිකම් පුහුණු කිරීමක්. ඒ නිසා කරුණාකරලා දමිතා අබේරත්න මැතිනිය නිදහස් කරන්න ඔබතුමා මැදිහත් වෙන්න.”

Related posts

ජල නාස්තියෙන් වළකින්න රජය ඉල්ලයි[RELEASE]

Mohamed Dilsad

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment