දේශීය

කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කෙරේ

‍ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිතය.

 

භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා තිබේ.

 

භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

 

පසුගිය 28 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වීඅයිපී පෝළිමෙන් පනස් හය දහසක් දළඳා වැඳලා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

Editor O

දෙවන 20-20 තරඟය ඇරඹේ : ශ්‍රී ලංකාව පන්දු යවයි.

Editor O

Leave a Comment