දේශීය

මාරක අනතුරු දෙකක්

හුංගම සහ හෙට්ටිපොළ ප්‍රදේශවලදී සිදූවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (04) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

හුංගම පොලිස් වසමේ රැකව කහදාව මාර්ගයේ දකුණු කහදාව ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.

 

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු තංගල්ල රෝහල ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 18ක් වු කහදාව, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මේ අතර හෙට්ටිපොළ පොලිස් වසමේ හලාවත – කුරුණෑගල මාර්ගයේ කොළමුණුඔය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කුරුණෑගල සිට හලාවත දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු හෙට්ටපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කුලියාපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී පසුපැදිකරු මියගොස් තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, 16 හැවිරිදි හිලෝගම, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

 

 

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

අය-වැයට ඡන්ද ගන්න කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන්ට, මාලිමාවෙන් බුරියානි සංග්‍රහයක්…!

Editor O

Leave a Comment