දේශීය

අලි සබ්රි රහීම් ගැන රේගු වාර්තාව කථානායකට

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

 

ඒ නීතිවිරෝධී ලෙස ‍රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්‍රං සහ ජංගම දුරකථන ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ මන්ත්‍රීවරයා ගැන කථානායකවරයා විසින් රේගුවෙන් කළ ඉල්ලීමකට අනුවය.

 

එම වාර්තාව එළඹෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා අලි සබ්රි මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණ ද ඊට ඔහු කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලබාදී නොමැති බව වාර්තා වෙයි.

 

නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා රේගු පරීක්ෂණයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 70ක දඩ මුදලක් මත මුදාහරිනු ලැබීය.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කරමින් පවතිනවා

Mohamed Dilsad

ජනවාරියේ විදුලි බිලට සහනයක්

Mohamed Dilsad

Leave a Comment