දේශීය

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය ගැන ප්‍රසන්න පරීක්ෂණයක් ඉල්ලයි

(UTV | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේදී එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියි.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට මෙන්ම එයට ආධාර අනුබල අලුබල දුන් පුද්ගලයන්ට ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පනවන ලෙසත් අමාත්‍යවරයා සිය ලිපියෙන් පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති බැවින් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙසද ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Related posts

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment