ක්‍රීඩා

මාලිංගගේ තැන ජේසන් හෝල්ඩර් ගනී

(UTV | කොළඹ) – ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් කිහිපදෙනෙක් තබා තිබූ වාර්තාවක් සමකිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සමත් වී තිබෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 5 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දු ඕවරය යැවූ හෝල්ඩර්, එහිදී 2, 3, 4, සහ 5 වැනි පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව 20/20 ජාත්‍යන්තර තරගයකදී එවැනි දස්කමක් දැක්වූ සිව්වැනි පන්දු යවන්නා ඔහුයි.

මීට පෙර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්ෆර් එම දස්කම මීට පෙර දක්වා තිබෙනවා.

එංගලන්තය සහ කොදෙව්වන් අතර 5 වැනි 20/20 ජාත්‍යන්තර තරගය ජැමෙයිකාවේ බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා, පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස්කළා.

එහිදී නායක කයිරන් පොලාර්ඩ් පන්දු 25කදී නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර රෝව්මන් පවල් පන්දු 17කදී නොදැවී ලකුණු 35ක් රැස්කළේ 6 පහර 4ක්ද සමගින්.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.5කදී ලකුණු 162කට සියලුදෙනා දැවී ගියා.

ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 5යි.

ඒ අනුව තරගාවලිය 3-2ක් ලෙස ජයගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

Related posts

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment