ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමනාකාරුවෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරොම් ජයරත්න පත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙයට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කර තිබූ ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ජෙරොම් ජයරත්නට හිමි වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජෙරොම් ජයරත්න මහතා රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානාගේ පියාණන් වෙයි.

 

 

 

 

Related posts

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment