දේශීය

IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවය.

 

“අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රසස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ අපේ කොතෙක් දුරට ආර්ථික ශක්තිමත් වෙලාද කියන කාරණය තුළ. කෙටි කාලීනව ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදුවුණ ශක්තිමත් වීමක් ලෙස සැලකීමක් මේ මොහොතේ සිදුකළ යුතුව නෑ. දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගිලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වයට ගොඩනැගීමට අවශ්‍ය පසුබිම හැදිලා ගොඩනැගීම පෙන්නුම් කරලා තියෙනවා. මේ වසර අග වෙද්දි මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්න අපට පුළුවන්.”

 

ලබන පාර්ලිමේන්තු සතියේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්ම්ත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

Editor O

අගමැති හරිනිගේ සහ ඇමති විජිතගේ මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment