දේශීය

විදුලි කප්පාදුවට අදාළ වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර

(UTV | කොළඹ) – පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ හදිසි විදුලි කප්පාදුව සම්බන්ධ වාර්තාව සකස් කෙරෙමින් පවතින බව ඊට අදාළ විශේෂ විමර්ෂණ කමිටුව ප්‍රකාශ කරයි.

ලබන බ්‍රහස්පතින්දාට පෙර එය භාරදීමට නියමිත බව විමර්ෂණ කමිටු සාමාජික සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසමද මෙම සිද්ධියට අදාළව හෙට (12) දිනයේ දී වාර්තාවක් දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිත දැනුම්දීමක් කර තිබුණි.

පසුගිය තෙවන දා විදුලි බල අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබීය.

අනතරුව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පංච පුද්ගල කමිටුව පත් කළේය.

Related posts

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

Mohamed Dilsad

Leave a Comment