විදෙස්

කොරෝනා මරණ ගණන 103කින් ඉහළට

(UTV|චීනය) –  කොරොනා වෛරස ආසාදනයෙන් මියයන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී.

මේ අනුව විදෙස් වාර්තා පවසන්නේ ගෙවුණු පැය 24 තුළ, පුද්ගල මරණ 103ක් වාර්තා වී ඇති බවයි.

මෙම මරණ සියල්ල වාර්තාවී ඇත්තේ චීනයේ හුබෙයි පළාතෙන් පමණි.

වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග පැය 24 තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙය බව වාර්තාවේ.

මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42, 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව කොරෝනා ආසදනය හේතුවෙන් චීනයේ පමණක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1 011කි.

කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය 20%කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

Related posts

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

Mohamed Dilsad

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

Twitter භාවිත කරන්නන්ගෙන් ගාස්තුවක්

Mohamed Dilsad

Leave a Comment