විදෙස්

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

(UTV | ඇමරිකාව) – ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කර ඇතැයි ෆේස්බුක් ආයතනය දැනුම් දෙයි.   

පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර සමයේ 35,000 කට අධික පිරිසක් මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිතා කරමින් නොමග යැවෙන තොරතුරු විකාශනය කර තිබේ.

මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් වල සඳහන්ව තිබූ කොරෝනා ආසාදනය වීම් සහ එන්නත් වලට අදාළ තොරතුරු මිලියන 12 ක් ද ඉවත් කර ඇත.

කොරෝනා ආසාදනය වීම ගැන සාවද්‍ය තොරතුරු රැසක් එම ව්‍යාජ ෆේස්බුක් අඩවි වලින් විකාශනය වී තිබෙන අතර , කොරෝනා මර්දනයට සම්බන්ධ එන්නත් ගැන ද සඳහන් ව්‍යාජ තොරතුරු මෙම ෆේස්බුක් ගිණුම්වලින් ප‍්‍රචාරය කර ඇත.

 

Related posts

කොරෝනා වෛරසයේ ආයු කාලය පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් දකුණු කොරියාවට

Mohamed Dilsad

Leave a Comment