විදෙස්

කොරෝනා වෛරසයේ ආයු කාලය පිළිබඳ හෙළිදරව්වක්

(UTV | ඔස්ට්‍රේලියා) – කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරසයට දින 28 ක කාලයක් එලෙස පැවතිය හැකි අතර , වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය මතද වෛරසය වඩා හොදින් නොනවැසි පවතින බවයි.

එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත ද මෙම වෛරසය පවතිනු ඇත.

මීට අමතරව , වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.

Related posts

ශෂිකලා වසර 4 කට සිරගෙට යයි

Mohamed Dilsad

මියන්මාරය ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරයි

Mohamed Dilsad

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment