දේශීය

වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හිඟයක් ?

මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

 

එහි කැඳවුම්කරු නවීන් තාරක මහතා සඳහන් කළේ, සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්ය හිඟයක් ද පවතින බවය.

 

“සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්යවරු හිඟයක් මතුවෙලා තියෙනවා. මේකට කිසිම පිළියමක් නෑ මේ වෙනකල්. අලුතින් ස්ථාපිත කරපු වෛද්‍ය පීඨ තුන ගත්තොත් මොරටුව, සබරගමුව හා වයඹ ඒවායින් සබරගමුව හා වයඹ වෛද්‍ය පීඨවල තාම අවසන් වසර මහාචාර්ය ඒකක ඉදිකරලා නෑ. එතකොට ඒ අවසන් වසර ශිෂ්‍යයන් මේ වසරේ ඒ අවසන් වසර පටන්ගන්නවා. තවමත් ඒ මහාචාර්ය ඒකක පටන් ගන්න කිසිම සැලැස්මක් නෑ. මොරටුව වෛද්‍ය පීඨයට අදාළව කිසිම ගොඩනැගිල්ලක්වත් නෑ අඩුම තරමින්. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමා රටේ වෛද්‍ය අධ්‍යාපනය යන්නේ… ආණ්ඩුව අලුතින්ම හදන සෙල්ලම තමා අලුතින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කරන එක. මේ වෙද්දි ඒවට අදාළව සායනික පුහුණුව දෙන්න රජයේ රෝහල්වල ආණ්ඩුව සැලැස්ම හදලා ඉවරයි.”

Related posts

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්

Editor O

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment