Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඇමරිකාවේ , නිව්යෝක් ටයිම්ස් ප්‍රවත් ආයතනය සඳහන් කරයි. මාස හතරකට පමණ පසු ඩොලරය එහි ඉහළම අගයට ළඟා වී ඇති අතර වසර හතරකට පසුව යුරෝව ඩොලරයට සාපේක්ෂව විශාලම දෛනික පහත වැටීමට ලක්ව තිබේ. 

ජපාන යෙන්, යුරෝ, මෙක්සිකානු පෙසෝ, චීන යුවාන් අගයන් ද පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර දෙකකට පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ එක් රැයක් තුළ 2.5% කින් ඉහළ යෑම ද විශේෂිතය. බදු, වෙළෙඳාම සහ සංක්‍රමණික නීති පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජිත ප්‍රතිපත්ති මෙම ආර්ථික වර්ධනයට හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.   ඩොලරය ස්ථාවර වීම මත රන් සහ තඹ මිල ද යම් ප්‍රමාණයකින් පහත වැටී තිබේ.  

පසුගිය සතියේ රන් අවුන්සයක අගය ඩොලර් 2790.15 ක් වූ අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට එය ඩොලර් 2657.65 දක්වා පහත වැටී ඇත.  ඒ අනුව ඩොලර් 130 කින් පමණ රන් මිල පහත වැටී තිබේ.

Related posts

Possibility is still high for evening thundershowers – Met. Dept.

Mohamed Dilsad

Person shot dead in Athurugiriya

Mohamed Dilsad

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment