දේශීය

ගුවන් තොටුලප විවෘත කිරීමෙන් පසු පළමු විදේශිකයින් කණ්ඩායම රුසියාවෙන්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව සංචාරකයින් කණ්ඩායම ලෙස රුසියානු කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සංචාරකයින් කණ්ඩායමට අවසරය ලබා දී ඇති බවය.

ඒ අනුව සංචාරකයින් 200ක පමණ පිරිසක් ලබන 26 වන දින කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබේ.

සංචාරකයින් දිවයිනට පැමිණීමේ දී ඔවුන් ගුවන් තොටුපොළ තුළදී PCR පරීක්ෂණයට යොමුකෙරෙන අතර ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විධිමත් ආකාරයෙන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇත.

මේ අතර ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය.

Related posts

දුම්රියක් මරදානේදී පීලි පැනීමට ලක්වෙයි

Mohamed Dilsad

ඉන්ධන දීමනාවෙන් බදු අය කෙරෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment