දේශීය

සංචරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 22,388කි.

 

ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

 

කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Related posts

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් වෙතට නිරෝධායන මධ්‍යස්ථානයකට යෝජනා

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක් අත්අඩංගුවට

Editor O

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment