දේශීය

අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනමක්

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වෙයි.

 

අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබේ.

 

මෙම ගැටළුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් සෙවීමට උත්සාහ කරන ලෙස ද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

අද දින සිට අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කර ඇති අතර බස් හිමියන්ගේ අදහස් විමසීමකින් තොරව මේ ආකාරයෙන් සිය බස් සේවාව අහෝසි කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස අදාළ පෙත්සම්වලින් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

Related posts

නුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment