දේශීය

ඇඹිලිපිටිය සලිත කළ වෙඩි හුවමාරුව

ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ.

 

වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩිතබා ඇත.

 

එහිදී STF නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම සැකකරුට වෙඩිවැදී ඇති බව පොලීසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු හිටපු හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසීය.

 

සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවත්වන්න [RELEASE]

Mohamed Dilsad

තවත් ගම්මාන දෙකක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

Leave a Comment