දේශීය

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

 

අද පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ, එරික් සෝල්හයිම් අප්‍රසාදය පළ කරයි.

Editor O

අදානි සමාගමට රු. මිලියන 300ක වන්දියක් මහජන මුදලින් ගෙවීමට මාලිමා ආණ්ඩුව සූදානම්වෙයි…?

Editor O

ඉන්දියාවෙන් කටුනායක ට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක්

Editor O

Leave a Comment