Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ, එරික් සෝල්හයිම් අප්‍රසාදය පළ කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය.

එමෙන්ම 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ විට ශ්‍රී ලංකාව ආර්ථික බේරාගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එම සටහන හරහා ඔහු සඳහන් කර ඇත.

දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙස එරික් සෝල්හයිම් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Guatemala hit-and-run crash kills 18 bystanders

Mohamed Dilsad

அலாஸ்காவில் 6.4 ரிக்டர் அளவு கோளில் சக்தி வாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

“SLTB earns Rs. 2 billion profit this year” – Deputy Minister of Transport

Mohamed Dilsad

Leave a Comment