Trending Newsඑසැන පුවත්දේශීය

උණුසුම් තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, 2025 අගෝස්තු 24 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලදී.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.

Related posts

South Africa Captain Du Plessis to miss first Test against England

Mohamed Dilsad

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

පරිපාලන ලේකම්ට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment