Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනය අවසන්

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා සමග අද (24) පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත, වර්ජනය අවසන් කරන බවද හෙතෙම කීවේය.

පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය මෙලෙස අවසන් කර ඇති අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරිපත් කළ මූලික කරුණු 19යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවය

රජයේ පොදු ප්‍රතිපත්තියක් වන ඇඟිලි සලකුණු පාවිච්චි නොකිරීමට අපේ කිසිඳු අදහසක් නෑ. හැමදාමත් වසර ගණනාවක් තිස්සේ ඇඟිලි සලකුණු පවත්වාගෙන ගියපු කාර්යාලවල ඒ ආකාරයෙන්ම ඇඟිලි සලකුණු පවත්වාගෙන යනවා. මේ මොහොතේ මධ්‍ය තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම සහ ඊට සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව අපි ඉදිරි සති කිහිපය තුළ බලනවා රාජකාරි කිරීමේදී මෙහිදී ඇතිවන ගැටළු මොනවද කියන එක. ඒ ගැටළුත් එක්ක අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. කෙසේ වෙතත් ඉදිරිපත් කරන ලද විසඳුම් යෝජනා ඉතා කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීමට අපි නැවතත් සාකච්ඡා කරමින් ඉදිරියට විමර්ශනය කරමින් කටයුතු කරනවා. මේ වැඩවර්ජනය තුළ මහජනතාවට කිසියම් අපහසුතාවයක් වුණා නම් ඒ අපහසුතාවය පිළිබඳව අපේ කණගාටුව සහ සමාව අපි අයදිනවා. කෙසේ වෙතත් මේ වැඩවර්ජනයේ මූලික අරමුණ වුණේ මේ මහජන ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව රැක ගැනීම. මහජනතාවගේ පැත්තෙන් කළ යුතු යුතුකමක් ඒක. ඒ යුතුකම අපි ඉටු කළා. එහිදී කිසියම් අපහසුතාවයක් හා හෝ හිත් රිදීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ප්‍රණාමය ඒ වගේම අපේ කණගාටුව මේ අවස්ථාවේදී පුද කරනවා.” යැයි ද කීවේය.

Related posts

உள்ளாட்சி தேர்தலுக்கான முதல் கட்ட வாக்குப்பதிவு இன்று

Mohamed Dilsad

රාජිත, රනිල් ට සහය දෙයි.

Editor O

லெபனான் பிரதமர் பதவி விலகுகிறார்

Mohamed Dilsad

Leave a Comment