දේශීය

පොඩි ලැසීගේ ආරක්ෂාව ඉහළට

(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.  

තමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොඩි ලැසී විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කලේ ජනාධිපතිවරයා – පොලිස්පතිවරයා ඇතුලු ප්‍රභූන් ඝාතනය කරන බවටද පොඩි ලැසී විසින් ප්‍රකාශ කර ඇති බවයි.

පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 16 වනදා සිදුකිරීමට නියමිතයි.

 

Related posts

තරුණයෙක් උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්

Editor O

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

Editor O

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment