දේශීය

රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඊයේ (27) පදික මාරු වීමේදී තණමල්විල-වැල්ලවාය මාර්ගයේ සිරිනන්දපුර හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුල්කොටේ මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 8ක දැරියකි.

ඇය පාසල නිමවී නිවසට යාමට සිරිනන්දනපුර අලි වංගුව අසල පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී ඇල්ල ප්‍රදේශයේ සිට තිස්සමහාරාමයට යමින් තිබූ විදේශික සංචාරකයන් රැගත් සුඛෝපබෝගී බස් රථයක් දැරියගේ ඇඟේ හැපී ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ දැරිය තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

බස් රථයේ රියැදුරු තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (28) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තණමල්විල පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක පවත්වනු ලබයි.

Related posts

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට විශේෂ ලිපියක්

Editor O

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තවම තීරණයක් ගෙන නැහැ. – ඇමති විජිත හේරත්

Editor O

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

Editor O

Leave a Comment