Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට විශේෂ ලිපියක්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම තිළිණ ගමගේ මහතා විසින් ලිඛිතව යොමු කර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ, අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වෙනත් අධිකරණයට මාරු කරන ලෙසය. සළෝචන ගමගේ මහතා සිය සහෝදරයකු වන අතර එම නඩුකරය තම අධිකරණයට විමසීමට හැකියාවක් නොමැති බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය ලිපියේ පෙන්වාදී තිබේ.

ඒ අනුව, අදාළ නඩුව විභාග කිරීම සඳහා සුදුසු මහෙස්ත්‍රාත්වරයකු පත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදි වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්ය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගනු ලැබූ ඉඩමකට අදාළ වන්දිය  කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සලෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු පසුගිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

අනතුරුව ඔවුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

பல்லேகல, தெல்தெனிய பகுதிகளுக்கு பொலிஸ் ஊரடங்குச் சட்டம்

Mohamed Dilsad

International award to President in recognition of anti drugs campaign

Mohamed Dilsad

නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment