Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීට ජනතා විරෝධය

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ ජාතික ජනපදවියගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි. එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මඟ හරස් කර ගත් පිරිසක් විසින් කියා සිටියේ තමන්ද පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය භාවිතා කල පුද්ගලයන් බවයි.

නමුත් පෞද්ගලික ආයතනයකට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ ආකාරයේ බලපෑම් කිරීම සුදුසු නොවන බවද ඔවුන් කියා සිටියහ. ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවිධිමත් යයි පැමිණිළි ලැබී ඇති බැවින් ඒ සඳහා සොයා බැලීමට පැමිණි බව මන්ත‍්‍රීවරුන් පැවසූ බව දැනට එහි ප‍්‍රවාහන පහසුකම් සපයන පිරිස පැවසූහ.

නමුත් එහි ප්‍රවාහන පහසුකම් සපයන පිරිස් පවසන්නේ මන්ත්‍රීවරුන් පැමිණ එහි ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුනට ලබාදෙන ලෙස ආයතනයට බලපෑම් කර ඇති බවය.

Related posts

Traffic congestion in Colombo due to a “Sathyagraha”

Mohamed Dilsad

Khuram Shaikh Murder: Appeal by convicts to be heard next year

Mohamed Dilsad

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment