දේශීය

මෙනින්ගොකොකල් ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ

මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගතයුතු නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බවය.

 

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප තත්ත්වයට පත්වු අතර ඔවුන්ට මෙම මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය වී තිබුණි.

 

ඒ අනුව මෙම රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

 

“මෙම රෝගී තත්ත්වය යටතේ සෑම වසරකම රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා. මේක හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක ආශ්‍රිතයින් මාර්ගයෙන් පැතිරෙන්න පුළුවන්. මේකෙන් ප්‍රජාවට කිසිම බලපෑමක් නැහැ. මුලින් හඳුනගත් රෝගීන් දෙදෙනා විතරයි තාම වාර්තා වෙලා තියෙන්නේ. මේ වගේ රෝගයක් පැතිරෙන්න පුළුවන් සමීප ආශ්‍රිතයන් ඇසුරෙන්.”

Related posts

රාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුම්

Editor O

වතු සේවක වැටුප ජනවාරියේ වැඩි නොකළොත්, ආණ්ඩුවට විරුද්ධව පොල් ගහනවා – පලනි දිගම්බරම්

Editor O

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment