දේශීය

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

(UTV | කොළඹ) – අන්තර් පළාත් බස් රථ ධාවනයට සෞඛ්‍ය අංශ වෙතින් මෙතෙක් අවසරයක් ලැබී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

එහ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා මේ බව කියා සිටියේ යටිනුවර ලංගම ඩිපෝවේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිව යුතු පාර්ශවවලින් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මීට අමතරව , ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළ බවය.

ඊට අවසර ලබාදෙන්නේ නම් අඟහරුවාදා සිට අන්තර් පළාත් බස් ධාවනය සිදුකරන බවත් ඔහු පවසා සිටී.

Related posts

නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර පත්වෙයි

Mohamed Dilsad

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

රටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment