දේශීය

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

(UTV | කොළඹ) –  කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස  ‘Park  and Drive’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.   

මෙහි අරමුණ වන්නේ සිය මෝටර් රථවලින් නගරයට එන කාර්යාලවල රැකියාවන්ට යන පිරිස්වලට ඔවුනගේ මෝටර් රථ තෝරාගත් ස්ථානයක නවතා තබා බස් රථවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසීමයි.

මේ සඳහා ගමනාගමන මණ්ඩලය හරහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන යෝජනා කරන ලෙසද උපදෙස් දෙමින් ජනාධිපතිවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ බලධාරීන්ව දැනුවත් කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා  (21) පියවර ගෙන තිබේ.

 

Related posts

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Editor O

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

Editor O

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment