දේශීයප්‍රමුඛ පුවත 1

සරසවි සිසුන් 25කට වසර දෙකක් පන්ති තහනම්

(UTV | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇතැයි මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට(29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවත් පාලානාධිකාරිය දැනුම් දෙයි.

Related posts

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 51,000 ඉක්මවයි

Mohamed Dilsad

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment