දේශීය

එ ජා මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් මෙරට බලධාරීන්ට පණිවුඩයක්

වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවය.

 

පසුගිය දශකය තුළ කවුන්සිලයේ නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසයි.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසි වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා එම අදහස් පළ කර තිබේ.

 

ඊයේ (19) ජිනීවා හීදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Related posts

මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

චන්ද්‍රසිරි සූරියආරච්චි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

Leave a Comment