දේශීය

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ගැටුමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා සඳහන් කළේ, අදාළ පහරදීම සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

 

රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර තිබේ.

 

එහිදී තුවාල ලැබූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා සඳහන් කළේය.

Related posts

අද දවසේ ලංකාවට බලපාන කාළගුණ තත්ත්වය

Mohamed Dilsad

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor O

Leave a Comment