දේශීය

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇති බව සඳහන්ය.

 

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේය.

Related posts

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

Editor O

අතුරලියේ රතන හිමි ට ඇප.

Editor O

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment