දේශීය

PHI වෙස් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (19) දහවල් කාලයේදී රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු රඹුක්කන නගරයේ වෙළෙඳසැලක් වෙත ගොස් රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් එම වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් විසින් ඔහු අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදී ඇත.

 

සැකකරු අද (20) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

ජනාධිපති කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයට

Editor O

Leave a Comment