දේශීය

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුවේ.

අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබේ.

Related posts

දැඩි කොන්දේසි මත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ඇප

Editor O

රියදුරු බලපත්‍ර ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

Editor O

Leave a Comment