දේශීය

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

(UTV | කොළඹ) – කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පදික වේදිකා තුළ අනවසරෙන් නවතා ඇති රථවාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ නගරයේ ස්ථාන රැසක පදික වේදිකා තුළ අනවසරෙන් නවතා ඇති රථවාහන පොලිසිය විසින් ඉවත් කරනු අද දක්නට ලැබිණි.

පොලිස් රථවාහන අංශය පැවසුවේ පදික වේදිකා තුළ රථවාහන නැවැත්වීම ජාතික මං මාවත් පනතට අනුව වරදක් බවය.

ඒ අනුව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොළඹ නගරය තුළ දෛනිකව ගමන් කරන පදිකයින්ගේ පහසුව සඳහා පදික වේදිකා තුළ නවතා ඇති රථවාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවය.

එසේම ඉදිරියේදි පදික වේදිකා තුළ නවතා ඇති රථවාහන අයිතිකරුවන් සිටී නම් එවැනි අවස්ථාවන්වලදී ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීම් සිදුකරන බවද පොලිසිය පැවසීය.

මේ අතර අයිතිකරුවන් නොමැති අවස්ථාවකදී අදාළ රථය එම ප්‍රදේශයේ පොලිසියට රැගෙන යාමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

එළඹෙන සඳුදා සිට අලුත් විදේශගමන් බලපත්‍ර දෙනවා – ඇමති විජිත හේරත්

Editor O

ශාසනික උන්නතිය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් ඉදිරි දශකයේදීත් කැපවී කටයුතු කරනවා – දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල

Editor O

Leave a Comment