Trending Newsඑසැන පුවත්දේශීය

ශාසනික උන්නතිය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් ඉදිරි දශකයේදීත් කැපවී කටයුතු කරනවා – දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල

ගතවූ විසි වසර තුළ කුමන අභියෝග පැමිණියත් ඒවාට මුහුණ දෙමින් නිසි කළමනාකාරීත්වයක් පවත්වාගෙන යෑම හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව මේ තත්වය දක්වා ඉහළට රැගෙන ඒමට තමන්ට හැකිවුණු බව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ප්‍රදීප් නිලංග දෑළ මහතා මේ බව පැවසුවේ තුන්වැනි වතාවටත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරේ වැඩභාරගෙන, මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

“දියවඩන නිලමේතුමන් මෙසේද කීවේය.” මම දළදා මාලිගාවට 2005දී එද්දී – කාටවත් දෝෂාරෝපණයක් කරනවා නෙවෙයි – දළදා මාලිගාව සතුව අවම වශයෙන් ඡායාරූපයක් ගන්න අවශ්‍ය නිශ්චල කැමරාවක්වත් තිබුණෙ නෑ. ඒ වගේම මාලිගාවේ වෙබ් අඩවිය පෞද්ගලික අංශය සතුව තිබුණේ. අභියෝග මොනවා තිබුණත් අපිට ලැබුණු හැම ඉඩකඩකින්ම අපි ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන සහ කළමනාකරණය තුළ අපි දැවැන්ත මට්ටමකට ගේන්න පුළුවන් වුණා. 2024 මැයි මාසය වනවිට අපේ ඉලක්කය රුපියල් බිලියනයකට ගේන්න පුළුවන් වුණා දළදා මාලිගාවට. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණේ අභියෝග හමුවේ ඒ කළමනාකරණය කරපු නිසායි. දැන් මං හිතන්නෙ ඉදිරි දස වසර තුළ මා අදහස් කළ ව්‍යාපෘති, විශේෂයෙන්ම සමාජ සුබසාධනය වගේම ශාසනික උන්නතිය වෙනුවෙන් ඒ කටයුතු ඉදිරියේදී මනාව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ඡන්ද ප්‍රතිඵලය කියනකොට විනාඩි දෙකකට වැහැපු විදිය – ඕගොල්ලොත් තෙමෙන්න ඇති – ඒ මල් වැස්සම මට ආශිර්වාදයක් වුණා. දළදා හාමුදුරුවන්ගෙ පිහිට මට ලැබුණා. ඒ ආශිර්වාදයම මට ලොකු රුකුලක් කියන එක හැමෝටම දැනෙන්න ඇති, මගෙ හිතට දැනුනා දළදා හාමුදුරුවෝ මට ආශිර්වාද කළා”

Related posts

மன்னாரில் 29 வயதான இளைஞர் கொலை

Mohamed Dilsad

FB admits the platform was used to incite racism

Mohamed Dilsad

ராஜித சேனாரத்ன இரண்­டா­வது தட­வை­யா­கவும் நீதிமன்றில்

Mohamed Dilsad

Leave a Comment