දේශීය

කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයි

(UTV | කොළඹ) –  දිවයින පුරා පවතින කෞතුකාගාර 11ක් තාවකාලිකව වසා දැමීමටද බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් ජාතික අක්ෂි රෝහලට අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පමණක් පැමිණෙන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂවරිය ඉල්ලීමක් කරයි.

හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුුසු බවයි රෝහල් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළේ.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට සිට අසනීප නිවාඩු

Mohamed Dilsad

යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

Mohamed Dilsad

Leave a Comment