දේශීය

රියදුරු බලපත්‍ර ආශ්‍රිත සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම 2020 මාර්තු 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට කටයුතු කර ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කිරීමට රජය ගෙන ඇති තීරණවලට අදාළව මෙම ක්‍රියාමාර්ගය ගනු ඇත.

ඒ අනුව , හෙට (17) දිනයේ සිට මාර්තු 31 දක්වා කාලය තුල වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල වල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව ඔවුන් දැනුම් දෙයි.

රියදුරු බලපත් ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණ ද අවලංගු කර ඇති අතර , මෙම කාලසීමාව තුල වේරහැර හා අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වලකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවේ තේ කර්මාන්තශාලාවකට ප්‍රමිති සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment