දේශීය

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

විශිෂ්ට ජයක් ලබමින් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය සුබපැතුම් පලකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ටද ශ්‍රී ලංකා රජය සුබපැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වසර 72 ක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට නව නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ජෝ බයිඞ්න්ට සහ කමලා හැරිස්ට සුබපැතුම් එක්කර ඇත.

Related posts

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

Leave a Comment