දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 150ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  ඊයේ (07) දිනය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ 116 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 62 කු මේ අතර වන බවද පොලිසිය පැවසීය.

Related posts

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

Mohamed Dilsad

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

Mohamed Dilsad

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

Leave a Comment