දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ) – දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල අද (08) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.

Related posts

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

Mohamed Dilsad

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

Mohamed Dilsad

මාදිවෙල නිල නිවාසවල ඉන්න මාලිමා මන්ත්‍රීන්ට උයාගෙන කන්න, උපකරණ පක්ෂයෙන් සපයයි.

Editor O

Leave a Comment