දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ) – දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල අද (08) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.

Related posts

විෂබීජ නාශක දියර ජාවාරමක් තලාහේනේදී වටලයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

මාලිමාවට ඡන්දය දුන් ගොවීන්වත්, ආණ්ඩුවට වී දෙන්නේ නැහැ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

Editor O

Leave a Comment