දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (8) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බල ප්‍රදේශ පහත පරිදි වේ.

කොළඹ , දෙහිවල – ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ / මහරගම , බොරලැස්ගමුව , කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ / කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන

ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ, අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිුවන බවයි.

Related posts

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

Editor O

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

Mohamed Dilsad

Leave a Comment