දේශීය

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ?

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බවය.

 

මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක් මේ වන විට නතර වී ඇති බව රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේය.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් “අද දෙරණ” ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසීමක් කළේය.

 

අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

Related posts

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ඔබත් නිවසක් අපේක්‍ෂාවෙන් සිටින කෙනෙක්ද?

Mohamed Dilsad

Leave a Comment