දේශීය

දේශීය ණය ගැන වැඩබලන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

 

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ නිගමනයකින් තොරව සිදුකරන ප්‍රකාශ මඟින් වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටෙනු ඇති බවය.

 

එබැවින් ඒ පිළිබඳව වගකීම් සහගතව ප්‍රකාශ නිකුත්කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා සිය ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබේ.

 

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයන්තනය සම්බන්ධයෙන් ද්විපාර්ශික ණයහිමියන් සමඟ ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ඒ පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment