දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(UTV|කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ආකාරයට අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා සහභාගී වන ලෙස දැනුම්දී ඇත.

අද (24) පෙරවරු 10.00ට අරලියගහ මන්දීරයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව ද එම කාර්යාලය සදහන් කළේය.

දිවයින පුරා පැතිර යමින් පවතින කොවින්ඩ් නයින්ටීන් හෙවත්නව කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා රජයගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබේ.

මෙහිදී මේ සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායකයින් දැනුවත් කිරිමට නියමිතයි.

Related posts

අගමැති ඉන්දීය නිල සංචාරය නිමවා අද දිවයිනට

Mohamed Dilsad

ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල තැබේ

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 08 තුළ කොටස් වෙළඳපොළ විදේශ ආයෝජන අඩුවෙලා

Editor O

Leave a Comment